Saturday, October 19, 2024

General line - 0115112241

SAITM සහ SLIIT ගිවිසුමට එරෙහිව GMOA අවි අමෝරයි




අවබෝධතා ගිවිසුම්වලට එලැඹීමෙන් සයිටම් ගැටලූව විසඳුමක් නොලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට ප‍්‍රතිචාර දක්වමින් එම සංගමය මේ බව කියා සිටියා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ වැඩිදුරටත් පැවසුවේ මේයින් කිසිදු ප්‍රශ්නයක් නොවාසඳෙන බවය. මින් තවදුරටත් ප්‍රශ්න ඇතිවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. රාජ්‍ය නොවන ලාභ නොලබන කියන මේ මිත්‍යා සංකල්පය පරදන්න සියළු බලවේග සමග කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.