Saturday, October 19, 2024

General line - 0115112241

මහ පරිමාණ මූල්‍ය වංචා වාර්තාවෙන් බරපතල චෝදනා එල්ල වූ ශ්‍රීලනිප මැති ඇමතිවරු රැසක්




මහ පරිමාණ මූල්‍ය වංචා පිළිබඳ ජනාධිපති කොමිසන් වාර්තාවේ ද බරපතල චෝදනා එල්ල වූ පුද්ගලයින් රැසක් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම සාමාජිකයින් ඒ අතර වන බවයි.  

"මේ වාර්තාවෙන් පෙන්වා දෙනව ගිය ආණ්ඩු සමයේ මැති ඇමතිවරු රැසක් පිළිබඳව. ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් ඉන්නව. කනගාටු වෙනව ඒ සම්බන්ධයෙන්. මේ වාර්තාව ගෙනාවේ බැඳුම්කර වාර්තාව යට ගහන්න නොවෙයි කියන එකත් පැහැදිලිවම කියන්න ඕන. මේ උදවියට දඬුවම් නොදී ඉන්න ජනාධිපති තුමාට කිසිම උවමනාවක් නැහැ. ඒ නිසා මේ සියළු වැරදි කළ අයට නිසි දඬුවම් ලැබෙනව."

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.