Saturday, October 19, 2024

General line - 0115112241

තැපැල් ඡන්ද අවුල් වෙයිද?

ඩිල්ෂාන් මඩවල




මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා සුදුසුකම් ලැබූ තැපැල් ඡන්ද දායකයනගේ නාමලේඛණ අදාළ තේරීම්භාර නිලධාරීන් විසින් මේ වනවිට සහතික කර තිබෙනවා.

එම නාමලේඛණ මැතිවරණය සඳහා තරග කරන සියළු පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත ඉදිරියේදී භාර දෙන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේවෙතත් ඉල්ලීම් කිහිපයක් නිසා හෙට (10) දින වැඩවර්ජනයක් කැඳවීමටයි තැපැල් වෘත්තීය සමිතිවල නියෝජිතයන් තීරණය කර ඇත්තේ.

මැතිවරණයේ තැපැල් ඡන්ද පති‍්‍රකා බෙදා හැරීමේ කටයුතු ඉදිරි දින කිහිපයේදී සිදු කිරීමටද සැලසුම් කර තිබියදී තැපැල් වෘත්තිය සමිති මෙලෙස වැඩවර්ජනයක් කැඳවීමෙන් ගැටලු රැසක් ඇතිවීමට හැකි වනවා.

ඒ අනුව තැපැල් සේවාවන්ගේ වැඩවර්ජනයක් සිදු වුවහොත් එමගින් පළාත් පාලන මැතිවරණයේ කටයුතුවලට ද බාධා සිදු විය හැකියි. 

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් සිදු කළ විමසීමකදී සඳහන් කෙරුණේ  ඇති විය හැකි බාධා මග හරවා ගැනීම සඳහා ගත හැකි කි‍්‍රයාමාර්ග මේ වනවිට සාකච්ඡා කෙරෙන බවයි.