මෙම වසරේ මුල් මාස 06 සඳහා විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම කාණ්ඩයන් සඳහා සියයට 20කින් විදුලි ගාස්තු අඩු කිරීමට තීරණය කළ බවයි එම කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ.
මීට නොබෝ වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.