Saturday, October 19, 2024

General line - 0115112241

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 6ට ඇප

අධිකරණ වාර්තාකරු




2008 සහ 2009 වර්ෂයන්හිදී කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාවට අත් අඩන්ගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩි.කේ.පි. දසනායක ඇතුළු හය දෙනෙකු ඇප මත මුදාහැරීමට  කොළඹ මහාධිකරනය අද (09) නියෝග කළා .

ඒ අනුව එක් එක් සැකකරුවන් රුපියල් ලක්ෂයක් බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහයක් බැගින් වූ ශරීර ඇප තුනක් මත වෙන වෙනම මුදාහැරීමට මහාධිකරනය නියෝග කළේ.

ඇප ලබා සිටියදී සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටත් විමර්ශන වලට සහාය ලබා දෙන ලෙසටත් මහාධිකරනය නියෝග අදාළ සැකකරුවන්ට අද (09) නියෝග කළා.

මහාධිකරනය මෙම නියෝගය ලබා දෙනු ලැබුවේ සැකකරුවන්  ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලමෙන් අනතුරුවය .

මහේස්ත්‍රාත් අධිකරනය මගින් දිගින් දිගටම ඇප ප්‍රතික්ෂේප කර ඇති බවත් එම නියෝග ප්‍රතිශෝධනය කර ඇප මත මුදාහරින ලෙසට සැකකරුවන් මහාධිකරනයෙන් ඉල්ලා සිටියා.