Saturday, October 19, 2024

General line - 0115112241

දළ පූට්ටුවා ඝාතන සැකකරුවන්ට ඇප

චන්ද්‍රරත්න ඉලංගකෝන් - ගල්ගමුව




ගල්ගමුව දළ පූට්ටුවා හස්තියාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක් සැකකරුවෙකු අද (09) ඇප මත මුදා හැරුනා.

රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් ඔහු වෙනුවෙන් නියම කෙරුනු බවයි නෙත් නිව්ස් වාර්තාකරු පවසන්නේ.

කෙසේ වෙතත් මෙම නඩුවේ සෙසු සැකකරුවන් 7 දෙනා ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා. 

මෙම නියෝගය ලබා දුන්නේ මහව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින්.

මේ අතර දළ පූට්ටුවා හස්තියාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින සැකකරුවන්ට ඇප ලබා නොදෙන්නැයි ඉල්ලා මහව මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට අද (09) නිහඬ උද්ඝෝෂණයක් පැවැත්වුනා.

ගල්ගමුව ප‍්‍රදේශයේ විහාරස්ථානවල භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් ඊට එක්ව සිටි බවයි නෙත් නිව්ස් වාර්තාකරු පවසන්නේ.

දැනට තිබෙන නිති ප‍්‍රමාණවත් නොවන්නේ නම් නව නීති පනවා හෝ සැකකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙසද උද්ඝෝෂකයන් එහිදී ඉල්ලා සිටියා.