Saturday, October 19, 2024

General line - 0115112241

බෙදීමට ප්‍රමාද වූ පාසල් පෙළ පොත් භාරදීමට පියවර




බෙදා දීමට ප‍්‍රමාද වී ඇති පාසල් පෙළ පොත් ලබන 12 වනදා වන විට අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත භාර දෙන බව රජයේ මුද්‍රණාලය පවසනවා.

මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ පැවසුවේ පොත් 10කින් පිටපත් ලක්ෂ 14ක් සඳහා තමන් වෙත ඇනවුම් ලැබුනු බවයි.

තවමත් මුද්‍රණයේ තිබෙන්නේ ඒවායෙන් පොත් 3 ක් පමණක් බවද ඇය පැවසුවා.

පාසල් පෙළ පොත් කිහිපයක මුද්‍රණ කටයුතු මෙලෙස ප‍්‍රමාද වු හේතුව ද මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ මෙහිදී විස්තර කළා.

2018 නව වසරේ පළමු පාසල් වාරය ආරම්භ වී දින කිහිපයක් ගතවී ඇතැත් ඇතැම් පෙළපොත් සිසුන්ට තවමත් ලැබී නැතැයි නෙත් නිව්ස් ඊයේ වාර්තා කළා.