Friday, October 18, 2024

General line - 0115112241

පී හැරිසන් නායකයා ගැන මෙසේ කියද්දී අනුර සහ එස් බී කියන කතාව මෙන්න (AUDIO)

කමල් සුරවීර - මහනුවර




එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු හොරකමකට සම්බන්ධ නැතැයි අමාත්‍ය පී හැරිසන් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කන්තලේ පැවති ජන හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ අදහසක් දක්වමින් කියා සිටියේ  රාජපක්ෂ සොර කල්ලිය හිරේ දැමීම සඳහා තමාට බලය දෙන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍යවරයා බලයට පැමිණි බවයි.

බලයට පත්වී වසර තුනක් ගතවූවත් සොරුන් අල්ලා නොමැති බවත් සොරුන් ආරක්ෂා කිරිමට කටයුතු කර ඇති බවත් ඔහු කියා සිටියා.

අමාත්‍ය එස් බී දිසානායක ද බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

සොරකමට විරුද්ධව පත්වු යහපාලන ආණ්ඩුව සමයේ බැඳුම්කර වංචාව සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේ වග කීම ආණ්ඩුව සත් වන බවත් ඔහු කියා සිටියා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පේරාදෙණිය ප්‍රදේශයේ පැවති ජන හමුවට එක්වෙමින්.