Friday, October 18, 2024

General line - 0115112241

ප්‍රතික්ෂේප වූ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා මූලික අයිතිවාසිකම් පෙත්සම

අධිකරණ වාර්තාකරු




දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15) ප්‍රතික්ෂේප කෙරුණා.

, අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සලකා බැලු අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍රිකාව, නියමිත කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එය අභියෝගයට ලක් කරමිනුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණේ.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැවූ අවස්ථාවේ එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළා.

, පෙත්සම විභාගයට ගැනීමට තරම් නීතීමය පදනමක් නොමැති බව පවසමින්.