Friday, October 18, 2024

General line - 0115112241

පේරාදෙණියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්




පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ හා කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර අද (15) ගැටුමක් හට ගත්තා.

එහිදී සිසුන් දෙදෙනකු තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් දෙදෙනා විද්‍යාපීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන්.

නවක වධ සිද්ධියක් මෙම ගැටුමට හේතුවී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වුණේ. සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ සහ පේරාදෙණිය පොලීසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා.