Sunday, December 22, 2024

General line - 0115112241

කළුබෝවිල රෝහලට ලොකු පිළිගැනීමක් ලැබෙයි




දකුණු ආසියාවේ තිබෙන ප‍්‍රසව හා නාරිවේද ඒකක ඇතුළත් හොඳම රෝහල් 3 අතරට දකුණු කොළඹ ශික්ෂණ රෝහල වන කළුබෝවිල රෝහල ඇතුළත් වී තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වන ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ධම්මික සිල්වා සඳහන් කළේ නාරිවේද සම්බන්ධයෙන් ඇති සියලු සැත්කම් සිදු කිරීමේ පුහුණුව සහ හැකියාව කළුබෝවිල රෝහලේ ඇති බවයි. කළුබෝවිල රෝහල කටයුතු කරන්නේ නොහැක්කක් නොමැති කියන සංකල්පය යටතේ බවද සඳහන් කෙරුණා.