Wednesday, January 15, 2025

General line - 0115112241

තුන්කොන් සටනේ ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් (UPDATE)

කසුන් කැලුම්




බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (21) පැවති දෙවන තරගය කඩුලු 05න්  ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ පිල පළමුවෙන් පන්දුවට පහර දිමට තීරණය කළ අතර පන්දුවාර 44ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 198ක් රැස්කළා.

එහිදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්‍රෙන්ඩන් ටේලර් සිය 33 වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 58ක් රැස් කළ අතර ආරම්භක පිතිකරුවන් වන හැමිල්ටන් මැසකට්සා ලකුණු 20ක් සහ සොලමන් මිර ලකුණු 21ක් රැස් කළා.

-----------------

 සිම්බාබ්වේ ඉනිමේ ලකුණු 198කට සීමා වෙයි (21-01-2018 15:00)

 

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගයේදී සිම්බාබ්වේ ඉනිම මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 198කට සීමා වුණා.

ඒ පන්දුවාර 44ක් තුලයි.

පන්දුවෙන් දස්කම් දැක්වීමට තිසර පෙරේරා, නුවන් ප්‍රදීප් සහ ලක්ෂාන් සඳකැන් සමත්වුණා.

තිසර පෙරේරා ලකුණු 33කට කඩුළු 4ක් බිඳ හෙළුවා.

නුවන් ප්‍රදීප් ලකුණු 28කට කඩුළු 3යි. ලක්ෂාන් සඳකැන් ලකුණු 51කට කඩුළු 2ක් බිඳ හෙලිමට සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 199ක ඉලක්කයක් හඹා යාම සඳහා තව නොබෝ වේලාවකින් පිටියට පිවිසීමට නියමිතයි.

----------------

කාසියේ වාසිය සිම්බාබ්වේ දිනයි (21-01-2018 11:23)

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මීට සුළු මොහොතකට පෙර සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

වනිදු හසරංග වෙනුවට ලක්ෂාන් සඳකැන් අද තරගයට කැඳවා තිබෙනවා.

-------------------------------------

අද තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි

(21-01-2018 05:52)

 

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන තීරණාත්මක තරගයක් අද (21) පැවැත්වෙනවා.

එ්, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මිර්පූර්හි ශී‍්‍ර බංග්ලා කී‍්‍රඩාංගණයේදීයි.

මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භ වනවා. තරගාවලිය පිළිබඳව බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතුයි.

තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති පළමු තරගය ලකුණු 12කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. 

අද තරගයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවනු ඇති බව වාර්තා වනවා. වනිඳු හසරංග වෙනුවට ලක්ෂාන් සඳකැන් සහ අසේල ගුණරත්න වෙනුවට ධනුෂ්ක ගුණතිලක කැඳවනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.