Saturday, May 4, 2024

General line - 0115112241

පොලිස් ගීතය දෙමළෙන් ලියැවෙයි

මාධව කුලසූරිය -වවුනියාව




පොලිස් ගීතය උතුරු නැගෙනහිර ජනතාවට ද තේරුම් ගැනීමට හැකිවන පරිදි දෙමළ භාෂාවට පරිවර්තනය කර තිබෙනවා.  

දෙමළ භාෂාවට පරිවර්තනය කළ එම ගීතය පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත පිළිගැන්වීම ඊයේ (20) වව්නියාව පොලිස් සංකීර්ණයේදී සිදු කෙරුණා.

ඒ, ගීතයේ පරිවර්තක සංගීතවේදී කන්දප්පු ජයන්දන් විසින්. වසර 151 ක් වු පොලිස් ඉතිහාසය තුළ පළමු වරට පොලිස් ගීතයක් නිර්මාණය කිරීම පොලිස්පති පූජිත ජයසුන්දරගේ සංකල්පයක් යටතේ සිදු කෙරුණා.