එළැඹෙන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට යළි බලය ලබා දුන්නහොත් ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර යළි ජල විදුලි සහ ගෑස් මිල ඉහළ යන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ති්ර අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ ගාල්ලේ පැවති මැතිවරණ ප්රචාරක රැළියකට එක්වෙමින්.
එහිදී වැඩි දුරටත් ප්රකාශ කෙරුණේ "අද කියලා යන්නම් තමුන්නාන්සේලා එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දුන්නොත් තෙල් මිල, ගෑස් මිල, විදුලි මිල, ජල මිල ඉහළ යනවා. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂික ඔබ මේ සැරේ ඡන්දෙ දෙන්න එපා. ඡන්දෙ නොදුන්නා කියලා අගමැතිතුමාගේ අගමැතිකමට මුකුත් වෙන්නේ නෑ..එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට මුකුත් වෙන්නෙත් නෑ.. හැබැයි ඡන්දෙ දෙන්න එපා.. " යනුවෙනි.