Wednesday, January 15, 2025

General line - 0115112241

මැතිවරණ අපේක්ෂකයින් 2 ක් ඇතුළු පුද්ගලයින් 33 ක් අත්අඩංගුවට




අද (21) පෙරවරු 6.00න් අවසන් වු පැය 24 ක කාලය තුළ පමණක් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිස් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියා සිටියා.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් නවයකට සහ මැතිවරණ පැමිණිලි 16කට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් මගින් සඳහන් කළා.

ඒ අනුව පසුගිය 9 වැනිදා සිට මේ දක්වා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 84ක් සහ මැතිවරණ පැමිණිලි 191ක් ලෙස සිද්ධීන් 275ක් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත වාර්තා වී තිබෙනවා.

එම සිද්ධීන්වලට අදාළව  අපේක්ෂකයින් 25 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 238 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කළේ.