Wednesday, January 15, 2025

General line - 0115112241

අවසන් තීරණයක් ගැන කියන නියෝජ්‍ය ඇමතිවරයා

ලහිරු කපුගේ




සයිටම් ආයතනය අහෝසි කර නව ආයතන 2ක් පිහිටුවන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ සභාපතිවරයාද වන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (21) පැවැති මාධ්‍ය හමුවකදීයි.

සයිටම් ආයතනයේ දැනට අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් පිහිටුවන ආයතනයට කිසිඳු සිසුවෙකු මින් පසු ඇතුලත් කර නොගන්නා බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

2019 වසරේ දී ආරම්භ කරන නව ආයතනය සඳහා වෛද්‍ය අධ්‍යාපනයට නියම කර ඇති අවම සුදුසුකම සහිත දරුවන් ඇතුලත් කර ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ. නව ආයතන දෙකම ලාභ නොලබන ආයතන බවද වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කමිටුවේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීම සඳහායි මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ.