Wednesday, January 15, 2025

General line - 0115112241

ගම හදන්න අලියට තනි බලය දෙන්න




ගමේ සංවර්ධනය ඇති කිරීමට නම් මෙවර මැතිවරණයේදී ගමේ තනි බලය එක්සත් ජාතික පක්ෂයට ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ නිකවැරටියේ පැවැති ජනහමුවක් අමතමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රටේ ආර්ථීකය කඩා වැටී හෙට දිනය පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි පසුබිමක වත්මන් ආණ්ඩුව බලයට පත්වී රට ගොඩ නැගීම සඳහා කි්‍රයා කළ බවයි.

විවිධ අභියෝග මධ්‍යයේ වුවද ණය ගෙවා දමමින් රටේ ආර්ථීකය ස්ථාවර කිරීමට ආණ්ඩුවට හැකිවූ බවද රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රටේ ආර්ථීකයද ස්ථාවර කරමින් බලයද රඳවා ගනිමින් ඉදිරියට පැමිණීමට ආණ්ඩුවට හැකිවූ වී තිබෙනවා.

2020වන තෙක්ම වත්මන් ආණ්ඩුව බලයේ සිටින බව විශ්වාසයෙන් ප්‍රකාශ කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.