දණ ගැස්සවූ බව කියන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට සාධාරණය ඉටු කරන්නැයි ඉල්ලා අද (22) සිට විරෝධතා ආරම්භ කරන බව ගුරු සංගම් පවසනවා.
ස්ථාන කිහිපයකදී විරෝධතා පැවැත්වීමටයි කටයුතු සංවිධාන කර ඇත්තේ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් සඳහන් කරන්නේ "සිද්ධිය සම්බන්ධයෙන් තවමත් කිසිදු පැහැදිළි ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ.. තවමත් සිදු කරන්නේ පරීක්ෂණ විතරයි. ජනාධිපතිතුමා කියලා තියෙන්නෙත් පරීක්ෂණයක් කරන්න කියලා.. දැන් හොඳටම පැහැදිළියි මේ සිද්ධිය සිදු වුණයි කියලා..පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මේ විදුහල්පතිනියව කැඳවලා සිදු කළ බලපෑම් ගැනවත් තාම ක්‍රියාමාර්ගයක් නෑ.. මේ නිසා අද අනුරාධපුරයේ අපි විරෝධතා ව්‍යාපාරයක් සිදු කරනවා..හෙට කොළඹදී අපි උද්ඝෝෂණයක් සිදු කරනවා." යනුවෙනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේ දී විරෝධතාවල නිරත වන බවයි ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ද පැවසුවේ.
අදාළ සිද්ධිය මුල්කර ගනිමින් දණ ගැස්සවූ බව කියන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය බදුල්ල පොලීසියට පැමිණ ඊයේ (21) පැමිණිල්ලක් ද සිදු කළා.
පසුව ඇය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරුණා. ඒ ඇයගේ මානසික තත්ත්වය පිළිබඳ විමසා බැලීම ඇතුළු කරුණු කිහිපයක් මතයි. සිද්ධියට අදාළ ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කෙරුණා.
මේ අතර ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් විදුහල්පතිනියක් දණ ගැස්වූ බව කියන සිද්ධිය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන්නැයි ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට ඊයේ උපදෙස් ලබා දුන්නා.
අදාළ පරීක්ෂණය නිම වනතුරු තමන් ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යධූරයෙන් ඉවත් වන බවයි චාමර සම්පත් දසනායක ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.