එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් මැතිවරණය ජය ගැනීමෙන් පසු දූෂණ හෝ වංචා සිදු කර වදරකරුවන් වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කර නිසි දඬුවම් ලබා දෙන බව අමාත්‍ය සාගල රත්නායක පවසනවා.
ඊට අමතරව එවැනි තැනැත්තන් සම්බන්ධයෙන් අභ්‍යන්තර විනය පියවරද ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.
කන්‍යාවන් දූෂණය කර ඒ වෙනුවෙන් සාද පවත්වන, ගුරුවරු දණගස්වන හෝ රාජ්‍ය සේවකයින් ගස් බඳින තැනැත්තන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර නොමැති බවද අමාත්‍ය සාගල රත්නායක මෙහිදී කියා සිටියා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොටපොළ බෝධිනිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකදීයි.