අඩංගු සීනි ප්‍රමාණය අනුව පැණි බීම සඳහා ඉකුත් අයවැයෙන් පැනවූ බද්දට සහන ලබා දෙන ලෙස පැණි බීම සමාගම් ඉල්ලිමක් කර තිබෙනවා.
එහෙත් ඒ සඳහා කිසිඳු සහනයක් ලබා නොදෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසන්නේ.
සීනි ග්‍රෑම් 1කට සත 50ක් බැගින් වන පරිදි අදාළ බද්ද පනවනු ලැබුවා.
සීනි පරිභෝජනය අධෛර්ය කිරීම මෙහි අපේකෂාව බවයි අයවැය කථාවේදී ප්‍රකාශ කෙරුණේ.
අඩංගු සීනි ප්‍රමාණය දැක්වෙන වර්ණ සංඛේත ක්රමයක්ද පැණි බීම සඳහා මීට පෙර හඳුන්වා දුන්නා.