කතරගම නගරයේ පසුගියදා ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් පොලීසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා.
කලහකාරී ලෙස හැසිරුනු පිරිස් විසින් පොදු දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන්ද විමර්ශනයක් කි‍්‍රයාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.
පොලිස් ස්ථානයට ගල් ගැසූ පිරිස සොයා ගැනීම සඳහා වීඩියෝ දර්ශන පරීක්ෂා කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ඉකුත් සෙනසුරාදා රාතී‍්‍ර 10.55 ට පමණ කතරගම නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට සිදු කළ වෙඩි තැබීමකින් යතුරුපැදි කරුවෙකු මියයාම මෙම උණුසුම් තත්ත්වයට හේතු වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 58 දෙනෙකු ඊයේ (22) ඇප මත මුදා හැරුණා.