සිංහල ධීවරයින් හා දෙමළ ධීවරයින් අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
මුලතිව් නායාරූ ප්‍රදේශයේ ධීවරයින් අතර මෙම නොසන්සුන් තත්ත්වය හටගෙන ඇති අතර පොලීසිය ඊට මැදිහත් වී සිංහල ධීවරයින්ට ආරක්ෂාව ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.
නායාරූ දෙමළ ධීවරයින් පවසන්නේ දේශපාලන වුවමනාවන් මත නායාරූ පළාතට දකුණේ ධීවර පවුල් 300 ක් රැගෙන විත් ඔවුන්ව පදිංචි කරවීමට රජය ගෙන ඇති තීරණය අසාධාරණ බවයි.
දකුණේ ධීවරයින්ට ස්ථිර නිවාස සාදා ගැනීම සඳහා ඉඩම් මැන වෙන්කොට දීමට මිනින්දෝරු නිලධාරීන් පැමිණි අවස්ථාවේදී නායාරු ප්‍රදේශයේ පාරම්පරික දෙමළ ධීවරයින් ඊට තදබල ලෙස විරෝධය පල කරන අවස්ථාවේදී සිංහල ධීවරයින් හා දෙමළ ධීවරයින් අතර මෙම නොසන්සුන් තත්ත්වය හට ගත්තා.
නොසන්සුන් තත්ත්වය මත ඉඩම් මැණීමේ කටයුතු නතර කිරීමට සිදුව තිබෙනවා.
නායාරු දෙමළ ධීවරයින් පවසන්නේ අතීතයේ සිට නායාරූ ධීවර වරාය සිංහල ධීවරයින් සඳහා සංක්‍රමණික වරායක් පමණක් වූ අතර දෙමළ ධීවරයින් එම කටයුත්තට කිසිදු විරෝධයක් පල කොට නොසිටියේ ඔවුන් වසර ගණනාවක්ම දන්නා හදුනන පිරිසක් නිසා බවයි.
නමුත් මෙම නොසන්සුන් වාතාවරණය නිසා ඉතා දිගු කාලයක් දන්නා හදුනන සිංහල ධීවරයින් දැන් තමන් සමග උරණ වී සිටින බවද දෙමළ ධීවරයින් පවසනවා.