Tuesday, May 7, 2024

General line - 0115112241

ගණිත ගැටලු සරළව විසඳන යන්ත්‍රයක් හැදූ සිසුවා (PHOTO)

දිනසේන රතුගමගේ




සරසවි තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙණුම ලබන ශිෂ්‍යයෙකු අන්තර්ජාතික තාක්ෂණ තරගාවලියකට හා ප්‍රදර්ශනයකට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

සෝමසුන්දරම් විනෝජ්කුමාර් නැමති යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම සිසුවා ගණිත ගැටළු ඉතා සරලව විසඳිය හැකි උපකරණයක් නිර්මාණය කොට ඇති අතර එය ප්‍රදර්ශනයකට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම අවස්ථාව උදා වුණා.

එම උපකරණයේ අයිතිය සම්බන්ධයෙන් වූ පේටන්ට් බලපත්‍රය හිමිකරගෙන ඇත්තේද විනෝජ්කුමාර් විසින්.

ඔහු මේ වන විට විවිධ තාක්ෂණික උපකරණ නිපදවීම තුළින් දේශීය සම්මාන 32 ක් හා අන්තර්ජාතික සම්මාන 81 ක් දිනාගෙන තිබෙනවා.

ලෝකයේ  රටවල් 97 ක පිහිටි විශ්ව විද්‍යාල දහසකින් පමණ සිසුන් මෙම තාක්ෂණික තරගාවලියට හා ප්‍රදර්ශනයට සහභාගි වන අතර ලබන පෙබරවාරි මස 01 වැනිදා සිට 06 වැනිදා දක්වා  තායිලන්තයේ බැංකොක් නගරයේදී එය පැවැත්වීමට නියමිතයි.