Tuesday, May 7, 2024

General line - 0115112241

ඌව පළාත් සභාව රත්වෙයි - මන්ත්‍රිවරයා එනවිටම පහරදීලා

පාලිත ආරියවංශ




ඌව පළාත් සභාව ඉදිරිපිට ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් සෙන්දිල් තොණ්ඩමන්ගේ ආධාරකරුවන් සහ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ඒ.ගනේෂමූර්ති අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ඒ.ගනේෂමූර්ති පළාත් සභාවට පිවිසෙන විට පහරදීමක් සිදුව ඇති බවත් මේ වන විට ඔහුව රෝහල් ගත කර ඇති බවත් වැඩි දුරටත් වාර්තා වෙනවා.

ඒ අනුව සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පිරිසක්ද රෝහල් ගත කර තිබෙනවා.