බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපළේ විශාල දුර්ගන්ධයක් හා පරිසර හානියක් සිදුවෙමින් ඇතැයි එහි සේවකයින් පවසනවා. රජයේ පශු සම්පත් මණ්ඩලය යටත් පාලනය වන රජයට අයත් මෙම සත්ත්ව ගොවිපලේ මියයන ගවයන් හා ගව පැටවුන් වල දැමීම වෙනුවට එම සිරුරු තණ බිම් වලට ගෙනවිත් දමන බවයි වාර්තා වන්නේ.
ගොවිපළේ අසනිප තත්ත්වයෙන් සිටින ගවයින් හා දෙනුන්ද එම තණ භූමිවල මියයන බවත් අළුතින් බිහිවී මියයන පැටවුන්ද මෙලෙස තණ භූමිවලට ගෙනවිත් දමන බවත් එහි සේවකයින් පවසනවා. කොත්මලාඔයේ ප්‍රධාන ජල මූලාශ්‍ර කිහිපයක්ද බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපළ තුළ ඇති බැවින් මෙම තත්ත්වය මත එම ජල මූලාශ්‍රද අපවිත්‍ර වන බව බවයි වාර්තා වන්නේ.
මතුව ඇති සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් සේවකයින් ගොවිපළේ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඒ සඳහා නිසි කි‍්‍රයාමාර්ග ගැනීමට ඔහුන් සමත් වී නැහැ.