බෙලිඅත්ත මහ හීල්ල පන්සලගොඩ ප‍්‍රදේශයේ දී ළිඳක පස් ඉවුරක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවට අයත් පොදු ළිඳක් සකස් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.
ඔවුන් වලස්මුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. මෘතදේහ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හත්බෝධිය රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.