අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩඩලය සංවිධාන කළ සයිටම් විරෝධි පාගමනකට පොලිසිය අද (25) ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. ඒ, කොල්ලූපිටිය මංසන්ධියේදීයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ආරම්භ වූ එම විරෝධතා පාගමන පස්වරු 04ට කොළඹ නගරයට ඇතුළු වුණා. කොල්ලූපිටිය මංසන්ධියේ දී පොලිසිය මාර්ග බාධක යොදා පෙළපාලිය ඉදිරියට පැමිණීම අවහිර කළා.
------------------------------------------
ගාලු පාර කොල්ලුපිටිය මං සන්දියෙන් වසා දැමේ (UPDATE)
25-01-2018 17:03
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන සයිටම් විරෝධි පාගමන හේතුවෙන් ගාලු පාර කොල්ලුපිටිය මං සන්දියෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.
-------------------------------------------------------
හයිලෙවෙල් පාරේ පෙළපාලියක්! වාහන තදබදයක්
25-01-2018 16:03
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන සයිටම් විරෝධි පාගමනක් ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලය අසලින් අද පස්වරුවේ ආරම්භ වුණා. ඒ, කොළඹ නගරය දක්වා ගමන් කිරීම සඳහායි.
මේ වනවිට එම පෙළපාලිය නුගේගොඩ නගරය පසු කරමින් කොළඹ නගරය දක්වා ගමන් ගනිමින් තිබෙනවා. එම පෙළපාලිය හේතුවෙන් නගරයේ දැඩි රථ වාහන තදබදයක් ද පැවතුණා.