කුලියාපිටිය නගරයේ දී පැවති පොදු ජන පෙරමුණේ රැස්වීම අවස්ථාවේ දී ප්‍රදේශයේ විදුලිය සහ ජලය කපා හැර තිබූ බවට සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය කරුණු පැහැදිලි කිරීමක් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ එවැනි රැස්වීමක් පැවැත්වෙන බව හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සංවිධායකවරයා විසින් දැනුම් දී නොතිබූ බවයි.
ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ එදින විදුලි අත්හිටුවීම නිසා එම රැළියට බලපෑමක් නොවූ බවයි. නවීකරණ කටයුත්තක් සඳහා විදුලිය විසන්දි කිරීමට සුදානම් වූ අවස්ථාවේදී ලැබුණු ආරංචියකට අනුව පොදු ජන පෙරමුණේ කුලියාපිටිය ප්‍රධාන සංවිධායක සමන්ප්රිය හේරත්ව අමතා ඇති විදුලි බල මණ්ඩලය ජාතික විදුලි බල පද්ධතියේ විදුලිය එදිනට අවශ්‍යද යන්න විමසා ඇති අවස්ථාවේදී ජාතික විදුලි බල පද්ධතියේ විදුලිය අනවශ්‍ය බවත් විදුලි ජනන යන්ත්‍ර යොදාගැනීම තම අරමුණ බවත් සඳහන් කළ බවයි ලංකා විදුලි බල මණ්ඩලය කළ කරුණු පැහැදිලි කිරීමේ සඳහන් වන්නේ.
ධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙසත්, කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙසත්, අකිල විරාජ් කාරියවසම්ද මෙම චෝදනාවන් ඊයේ (24)තරයේ ප්‍රතික්ෂේප කර සිටියා. ඔහු අවධාරණය කළේ විදුලිය බිඳවැටීමක් හෝ ජල කප්පාදුවක් සිදුවූයේ නම් එවැන්නක් සිදුවූයේ කුමන හේතුවක් නිසා ද යන්න පිළිබඳ තමන් මේ වනවිටත් කුලියාපිටිය නගර සභාවේ ලේකම්වරයාගෙන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ වයඹ පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගෙන් කරුණු විමසීමට කටයුතු කර ඇති බවය.
ලංකා විදුලි බල මණ්ඩලය කළ පැහැදිලි කිරීම පහතින් දැක්වෙනවා.