Monday, January 13, 2025

General line - 0115112241

හිටපු නගරාධිපති නියෝජ්‍ය ඇමතිට සජීවී විවාදයකට එන්න අභියෝග කරයි (VIDEO)




ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාට සජීවී විවාදයකට පැමිණෙන ලෙස කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක අභියෝග කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ මෙවර පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් තමන්ට එරෙහිව අමාත්‍යවරයා ප්‍රහාර එල්ල කරන බවයි.

ජනක රණවකට අපරාධමය නඩු කටයුතු ගොනුකළ යුතුබවට අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කර ඇති ප්‍රකාශය අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.