රට තුළ මතව ඇති ප‍්‍රශ්න ගණනාවක් බැඳුම්කර සිද්ධියෙන් යටපත් කිරීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ පැවසුවා.
පසුගිය මහ මැතිවරණයේ දී ආණ්ඩුව සිදු කළ ආකාරයේම සැලසුමක් මෙවර ද ක‍්‍රියාත්මක කර ඇති බවයි ගාමිණී ලොකුගේ මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.