මැතිවරණය පැවැත්වීමට බාධාකාරී වාතාවරණයක් ඇතිවුවහොත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දැමීමට සිදුවන බවට මැතිවරණ කොමිසම සිදු කරන ප‍්‍රකාශ පිළිගත නොහැකි බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ 88 -89 භීෂණ සමයේ පවා මැතිවරණ නිසි පරිදි පැවැත් වූ බවයි.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රියගෙන් කරුණු විමසීමක් කළා. ඔහු පෙන්වා දේන්නේ ඡන්දයට නොපැවැත්වීමට හේතුවන කිසිදු ක්‍රියාවක් සිදු නොවනු ඇතැයි අපේක්ෂා කරන බවය. කෙසේ වෙතත් ඡන්දය පැවැත්වීමට නොහැකිවන කිසියම් හෝ සිදුවීමක් වෙත්නම් ඡන්දය කල්දැමිය හැකි බවද ඔහු පවසනවා. එසේ වුවහොත් සැලකිය යුතු කාලයකින් ඡන්දය කල් දැමීමට මැතිවරණ කොමිසමට හැකි බවද ඔහු අවධාරණය කරනවා.