Tuesday, May 7, 2024

General line - 0115112241

පක්ෂ නායක රැස්වීමට මමත් එනවා

හේමන්ත කහවලගේ




බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කැඳවීමට නියමිත පක්ෂ නායක රැස්වීමට තමන් ද සහභාගී වීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු පවසනවා. නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉදිරි දිනකදී එම පක්ෂ නායක රැස්වීම ජනාධිපතිවරයා විසින් කැඳවනු ඇති බවයි.  

බැඳුම්කර වාර්තාවේ පිටු සංඛ්‍යාව සම්බන්ධයෙන් මතු වූ ගැටළු පිළිබඳ විමසීම සඳහා ඉකුත්දා පැවති පක්ෂ නායක රැස්වීමට ජනාධිපති ලේකම්වරයා කැඳවන ලෙසයි විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ඉල්ලා සිටියේ. පාර්ලිමේන්තුවේ පැවති එම රැස්වීමට ජනාධිපති ලේකම්වරයා සහභාගී වූයේ නැහැ. කෙසේ වෙතත් ඉදිරියේ දී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමක දී මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට තමන් අපේක්ෂා කරන බවද ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු කියා සිටියා.