Tuesday, May 7, 2024

General line - 0115112241

දහ වෙනිදට කලින් ගත්තනම් දෙගොල්ලන්ගේම ඇඳුම් බුරුල් වෙනවා! ජනපතිගේ කතාවට දිනේෂ්ගෙන් පිළිතුරක්

කසුන් කැලුම්




බැඳුම්කර විවාදය කල්දැමීම පක්ෂ නායකයින් සැලසුම් සහගතව සිදු කළ එකක් බවට ජනාධිපතිවරයා කරන චෝදනාව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන ප‍්‍රතික්ෂේප කරනවා. ජනාධීපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පානදුර ප‍්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඒ පිළිබඳව අදහස් පළ කලේ මෙලෙසයි.



ජනාධිපතිවරයාගේ එම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ පක්ෂ නායකයින්ගේ රැස්වීමට සහභාගී වූ ජාතික ආණ්ඩුවේ අමාත්‍යවරු එම විවාදය සිදු කිරීමට කිසිඳු සහායක් ලබා නොදුන් බවයි.