Friday, May 3, 2024

General line - 0115112241

බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුගේ ලංකාවට ගෙන්වා ගත් හේතුව යුදහමුදාපති හෙළි කරයි(PHOTOS)

වන්නි රොමේෂ් මධුෂංඛ




බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ශ්‍රීලංකාවට ගෙන්වූවේ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් බවට යුධ හමුදාපති මහේෂ් සේනානායක ෙඅද (24) වවුනියාවේදී පැවසුවා.

වන්නි ආරක්ෂක සේනා 56 සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් යුධ හමුදාපතිවරයා එලෙස කියා සිටියා.

රුපියල් මිලියන 24 ක වියදමින් ඉදිකළ 56 සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය ඉදිකොට තිබිණා.

නවා කාර්යාල ගොඩනැගිල්ල විවෘත්ත කිරීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් යුදහමුදාපතිවරයා කියා සිටියේ,

‘රටේ යුද හමුදාපති හැටියට ඒ නිලධාරියාගේ ආරක්ෂාවට මම වගකියන්න ඕන මේ නිලධාරියා වෙනත් රටක ඒ රටේ නීති පද්දතියට යටත්ව රාජකාරි කරන අතරේදී යුදහමුදාපති හැටියට හෝ වෙනත් අධිකරණ විශ්වාසවන්තව දැනුවත් කරන්න බැහැ. ඔහුගේ ආරක්ෂාව තහවුරු වෙයි කියලා ඒ ගැන සාකච්ඡා කරන්න මම ඔහුට එන්න කිව්වා ඔහු දැන් ඇවිල්ල ඉන්නවා දැන් මම ඉන්නේ කොළඹින් පිට නමුත් මම ඉදිරියේදී ඔහුත් සමග සාකච්ඡා කරනවා.

ඔහු කරපු දේ හරිද වැරිද කියල තීරණය කළ යුතුව ඇත්තේ වෙනම කෙනෙක් නමුත් ඒ නිලධාරියා මෙහෙ ඇවිත් ඉන්නේ ඔහුගේ කාලය ඉවර වෙලා නෙමෙයි අපි සාකච්ඡා කරන්නේ ඔහුගේ ආරක්ෂාව කොහොමද අපි සපයන්නේ කියලා ඒ වගේම මේ අවස්ථාවේධී ඒ සිද්දියෙන් අයින්වෙලා ඉන්න එක මම හිතනවා සුදුසු නුවනක් කියලා ඒ වගේම කනගාටු වෙනවා මේ රටේ ජනතාව අනවශ්‍ය බියකට මේක සිද්ධියක් කරගෙන තියන එක ගැන මේ වගේ සිද්ධි ඕන තරම් වෙලා තියනවා නමුත් රණවිරුවන් දඩමීමා කරගත නොගත යුතුයි මේ රටේ පාලනය නෙමෙයි මේක කරන්නේ මේක එක්තරා සිදුවීමක්.යනුවෙනි.

යුධ හමුදාපතිවරයා පැවසූවේ දියතලාව බස් බෝම්බය සජීවි අත් බෝම්බයක් පිපිරීමක් වන බව පැහැදිලිවල අතර,අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට මේජරජෙනරාල් වරයෙකුගේ නායකත්වයෙන් යුත් 6 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් පරීක්ෂණ කටයුතු සිදු කරන බවටත්.

බස් රථයේ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් රටේ ජනතාවට කලබල විය යුතු නොවන අතර, එයින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවද යුධ හමුදාපතිවරයා පැවසුවේය.

වැඩසටහනට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා ඇතුළු යුධ හමුදා උසස් නිළධාරීන් විශාල පිරිසක් සහභාගි වී සිටියා.

<