පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ජයග්‍රහණය කළ සභිකයින්ගේ නාමලේඛණය සහිත ගැසට් නිවේදනය අද (09) නිකුත් කෙරෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ සියයට 25 ක කාන්තා නියෝජනය සහිතව සභික නාමලේඛණය ගැසට් කරන බවයි.
මෙවර කොට්ඨාස මට්ටමින් පළාත් පාලන ආයතන සදහා තේරී පත්වූ කාන්තාවන් සංඛ්‍යාව 535 ක්.
තවත් කාන්තාවන් 1991 දෙනෙකු අතිරේක ලැයිස්තු හරහා නම් කිරීමට නියමිතව තිබෙනවා. උතුරු සහ නැගෙනහිර පළාත් පාලන ආයතන 15 ක පමණ කාන්තා නියෝජනය සම්පුර්ණ කිරීමට නොහැකි වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ. ඒ සදහා තරග කළ පක්ෂ සංඛ්‍යාව ඉහළ යාම ඊට හේතු වි තිබෙනවා.