අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ කිසිදු නීතියක් මෙතෙක් යාවත්කාලීන කර නොමැති බව එම කොමිසම පවසනවා. ඒ අනුව තමන් කළ යෝජනාවක් අනුව ජනාධිපතිවරයා විසින් එම නීති පද්ධතිය යාවත්කාලීන කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි එම කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න කියාසිටියේ.
ශී‍්‍ර ලංකාව තුළ අල්ලස හා දූෂණය තුරන් කිරීම උදෙසා ජාතික කි‍්‍රයාකාරී සැලැස්මක් සකස් කිරීමට මෙම කොමිසම තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ සාකච්ඡවකට එක්වෙමින් එහි අධ්යක්ෂ ජනරාල්වරයා ඒ බව පැවසුවා.