පාර්ලිමේන්තුවේදී මන්තී‍්‍රවරුන් විමසන ප‍්‍රශ්නවලට විෂයභාර අමාත්‍යවරුන් පිළිතුරු ලබා නොදීම සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතා සිය කනස්සල්ල පළ කළා. අද දින පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රය තුළ වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප‍්‍රශ්න 15 ක් ඉදිරිපත් කර තිබුණද ඉන් පිළිතුරු ලැබුණේ එක් ප‍්‍රශ්නයකට පමණයි.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් එම් මරික්කාර් ද අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ප‍්‍රශ්නයක් යොමු කර තිබුණා. එම ප‍්‍රශ්නයටද පිළිතුරු නොලැබීම හේතුවෙන් එස් එම් මරික්කාර් මන්තී‍්‍රවරයා මෙම ගැටළුව කතානායකවරයා වෙත යොමු කළා. අමාත්‍යවරුන් ප‍්‍රශ්නවලට පිළිතුරු ලබානොදීමෙන් ජනතාවගේ ඡන්දයට නිගරු කරන බවද එස් එම් මරික්කාර් මන්තී‍්‍රවරයා කියාසිටියා.
එහිදී කතානායකවරයා කියාසිටියේ තමන් මීට පෙර අවස්ථා කිහිපයකදීද මේ පිළිබදව අමාත්‍යවරුන්ගේ අවධානය යොමුකළ බවයි.
මේ අතර සමාජජාල මාධ්‍ය අවහිර කර ඇත්තේ පැය 72 කට බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. හෙට දිනය වනවිට සමාජජාල වෙබ් අඩවිවලට සාමාන්‍ය පරිදි පිවිසීමට හැකිවනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.