Thursday, December 26, 2024

General line - 0115112241

මහනුවර ඇතිවු සිද්ධියට පොලිසිය වගකිව යුතුයි- මහින්ද කියයි

කමල් සුරවීර - මහනුවර




පසුගිය දිනවල මහනුවර ඇතිවු සිද්ධි සම්බන්ධයෙන් පොලිසිය වගකිවයුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

තෙල්දෙණියේ ගැටුමකින් පුද්ගලයෙක් බරපතල තුවාල ලැබුවා. නමුත් ඔහු රෝහලේ ප්‍රතිකාර ගනිමින් ඉද්දී පහර දීමට සම්බන්ධ පුද්ගලයින්ට ඇප ලබා දී තිබුනා. පසුව පහරකැ පුද්ගලයා මිය ගියාට පසුව ඔවුන් අත් අඩංගුවට ගෙන තිබුනා. නමුත් නොසන්සුන්තාවයක් ඇතිවෙන්න මුලික හේතුව වුනේ අර සැකකරුවන්ට ඇප දීම නිසයි. මෙම තත්වයට පොලිසිය වගකිවයුතු යැයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

පසුගියදා ඇතිවු නොසන්සුන් තාවය පිලිබදව සිංහල හා මුස්ලිම් ආගමික නායකයින් අතර හමුවක් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද මහනුරදී විශේෂ සාකච්ජාවක් පැවති අතර එම සාකච්ජා සාර්ථකවූ බව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් අමතා කියා සිටියා.