කොළඹ ප‍්‍රදේශ කිහිපයක මේ වනවිට වෙළද සැල් වසා දමා තිබෙනවා. මාළිගාවත්ත, ග‍්‍රෑන්ඞ්පාස්, කොස්ගස් හංදිය සහ පිටකොටුව ඇතුළු තවත් ප‍්‍රදේශ කිහිපයක බොහොමයක් කඩසාප්පු වසා දමා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
මහනුවර ඇති වූ නොසන්සුන්තාවට විරෝධය දක්වමින් මෙලෙස කඩසාප්පු වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ ප‍්‍රදේශයේද ආගමික ස්ථානවලට විශේෂ ආරක්‍ෂාවක්ද යොදා තිබෙනවා. කොළඹ විවිධ ස්ථානවල හමුදා සාමාජිකයින්ද යොදවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
මේ අතර තවත් ප‍්‍රදේශ කිහියක ආගමික ස්ථානවලට පොලිස් හා යුද හමුදා ආරක්‍ෂාවද යොදවා තිබෙනවා.