ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙසරිස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි කසුන් පලිසේන යන අය ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන නිෂ්ප්‍රභා කිරීමට කොළඹ මහාධිකරනය අද (9) නියෝග කළා.
ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයාට නොතීසි නිකුත් නොකොට ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට කොළඹ මහාධිකරනය නියෝග කලේ.
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අය ඇප මත මුදා හරින ලෙසට කළ ඉල්ලීම පසුගිය පෙබරවාරි මස 16 දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරනය ප්‍රතික්ෂේප කර ඇති බවත් එම නියෝගය දෝෂ සහිත බවට මෙම ප්‍රතිශෝධන පෙත්සමෙන් පවසා තිබුනා.
අර්ජුන් ඇලෝසියස් පර්පෙචුවල් ට්‍රෙසරිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන අය මාර්තු මස 15 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරිය මීට පෙර නියෝග කළා.