Tuesday, December 24, 2024

General line - 0115112241

නෙත් නිවුස් "යු ආර් අ ලීඩර්" අංකුර නායකයින් විසිර යයි (UPDATE)




නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩමුළුවේ 24 වැන්න ඊයේ (12) සාර්ථකව අවසන් වුණා.

ඒ, කළුතර දොඩංගොඩ මහා විද්‍යාලයේදීයි. දෙදින නේවාසික කඳවුර සඳහා සහභාගී වූ අංකුර නායකයින්ගේ විසිරයාමේ උත්සවයද ඊයේ පැවැත්වුණා.  

ඉකුත් සිකුරාදා ආරම්භ වූ නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩමුළුව දින හතරක් පුරාවට එම විද්‍යාලයේදී පැවැත්වුණා. 
 
 

--------------------------

නෙත් නිවුස් "යු ආර් අ ලීඩර්" අංකුර නායකයින්ගේ විසිරයාමේ උත්සවය අද (UPDATE)

 

කළුතර දොඩංගොඩ මහා විද්‍යාලයේ දී පැවැත්වෙන නෙත් නිවුස් "යු ආර් අ ලීඩර්" නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහට එක් වූ අංකුර නායකයින්ගේ විසිරයාම අද (12) සිදුවනවා. එමෙන්ම විභාග රහස් පිළිබඳ දේශනයක්ද අද පැවැත්වීමට නියමිතයි. පාසලේ දරු දැරියන්ගේ දෙමව්පියන් වෙනුවෙන් ඊයේ විශේෂ දේශණයක්ද පැවැත්වුණා.

කළුතර දොඩංගොඩ මහා විද්‍යාලයේ දී ඉකුත් සිකුරාදා සිට මෙලෙස පැවැත්වෙන්නේ නෙත් නිවුස් "යු ආර් අ ලීඩර්" නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 24 වන අදියරයි.

................................................................

යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දෙදින නේවාසික කඳවුර අද (11) අවසන් වුණා. ඊට සහභාගී වූ අංකුර නායකයින් කිහිපදෙනෙකු කියා සිටියේ මෙම වැඩසටහන මගින් තමන් විවිධ අත්දැකීම් ලබාගත් බවයි.

නෙත් නිවුස් යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන පිළිබඳව එම පාසලේ ගුරුවරුන්ද අදහස් පළ කළා. ඔවුන් සඳහන් කළේ අදාළ වැඩසටහන සඳහා තමන්ගේ පාසල තෝරාගැනීමෙන් තමන්ට මෙන්ම සිසුන්ට ද ඉන් වඩාත් ප්‍රතිපල හිමිවූ බවයි.

විභාග රහස් පිළිබඳ දේශනයක් සහ අංකුර නායකයින්ගේ විසිරයාමේ උත්සවය හෙට (12) පැවැත්වීමට නියමිතයි.

-------------

කළුතර දොඩංගොඩ මහ විද්‍යාලයේදී 'යූ ආර් අ ලීඩර්' තෙවන දිනය අරඹයි  (11-03-2018 05:16)

කළුතර දොඩංගොඩ මහ විද්‍යාලයේ දී පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩමුළුවේ දෙදින නේවාසික කඳවුරේ ගිනි මැල සංදර්ශනය ඊයේ (10) රාත‍්‍රියේ සාර්ථකව අවසන් වුණා. 

එම ගිනි මැල සංදර්ශනය නැරඹීම සඳහා මව්පියන් විශාල පිරිසක් ද එක්ව සිටියා.

මෙහිදි තම දරු දැරියන් දැක්වූ දක්ෂතා සහ කුසලතාමය හැකියාවන් සම්බන්ධයෙන් ඔවුන් සිය සතුට පළ කර සිටියා.

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩමුළුවේ දෙදින නේවාසික කඳවුරේ අද (11) තෙවන දිනයයි.

පුහුණුව ලබන අංකුර නායකයින් මේ වනවිට ශාරීරික ව්‍යායාමවල නිරත වෙමින් සිටිනවා. අද පස්වරු දෙකට මව්පියන් සඳහා විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා මෙම පාසලේ දරුවන්ගේ මව්පියන්ට මෙන්ම අනෙක්  ඕනෑම පාසලක සිසුන්ගේ මව්පියන්ට ද සහභාගී විය හැකියි. 

-----------------------------------------

මව්පියන් සහ දරු දැරියන් අතර සම්බන්ධතාවය ශක්තිමත් කරන යූ ආර් අ ලීඩර් මාපිය ගුණ වන්දනා (UPDATE)

(10-03-2018 11:00)

 

කළුතර දොඩංගොඩ මහා විද්‍යාලයේ පැවැත්වෙන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩමුළුවේ මාපිය ගුණ වන්දනා සංගීත චිකිත්සාව අද (10) පෙරවරුවේ සිදු කෙරුණා.

මව්පියන් සහ දරු දැරියන් අතර සම්බන්ධතාවය ශක්තිමත් කර ගැනීමට මෙය මහත් පිටුවහලක් වනු ඇති බවයි ඊට එක් වූ මව්පියන් කියාසිටියේ. 

------------------------------------------------------------------

ආර් අ ලීඩර් 24වැන්න ඇරඹෙයි

09-03-2018 13:00


මෙම 24 වැනි යූ ආර් අ ලීඩර් වැඩසටහනේ දෙදින නේවාසික කදවුර අද අළුයම ආරම්භ කෙරුණා. ඒ, දරු දැරියන් සියයකගේ සහභාගිත්වයෙන්. මේ වනවිට ඔවුන් විවිධ කි‍්‍රයාකාරකම්වල නිරත වෙමින් සිටිනවා.

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණ හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 24 වැන්න අද (09) ආරම්භ වුණා. ඒ, දොඩංගොඩ මහා විද්‍යාලයේදීයි.

විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය සදහා වන පුහුණු සැසියක් අද දහවල් පැවැත්වුණා.

පස්වරුවේ විද්‍යාලීය දරු දැරියන් වෙනුවෙන් සන්නිවේදන කුසලතා සංවර්ධනය කර ගැනීමට මගපෙන්වන වැඩමුළුවක් පැවැත්වීමට නියමිතයි. නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන විද්‍යාලීය ප‍්‍රජාවට නවමු අත්දැකීමක් සහ ඉමහත් ශක්තියක් වනු ඇතැයි විදුහල්පති ජනක් පේ‍්‍රමලාල් පවසනවා.