Sunday, May 19, 2024

General line - 0115112241

පිස්තෝලයක් අතින් ගෙන යකා නැටූ පළාත් මන්ත්‍රීගේ බිරිඳ සහ මන්ත්‍රී රිමාන්ඩි (UPDATE)

චම්ලි ඒකනායක/දිනුක් හේවාවිතාරණ




දකුණු පළාත් සභාවේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ වන මධුභාෂිනී පෙරේරා මෙම මස 13 වන දා දක්වා රිමාන්ඩි බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා විසින් අද (10) නියෝග කරනු ලැබුවා.

.....................................................................................................................................

දකුණු පළාත් සභාවේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ වන මධුභාෂිනී පෙරේරා තලංගම පොලිසිය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස් රථ සේවකයකුට, ගිණි අවි පෙන්වමින් බියවද්දා පහර දීමේ චෝදනාව යටතේ මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අදාල ගිණි අවිය බලපත්‍ර සහිත එකක් වුවද එය මන්ත්‍රීවරයාට අයත් වන්නක් බවයි පොලිසිය පැවසුවේ. නමුත් පහර දෙන අවස්ථාවේ ගිණි අවිය තිබී ඇත්තේ සැකකාර කාන්තාවගේ අතෙහිය. මොවුන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද (10) ඉදිරිපත් කරනු ලබනවා.

එම්.කේ කසුන් දකුණු පළාතේ හිටපු අමාත්‍ය එම්.කේ රංජිත්ගේ පුත්‍රයෙකි.