Sunday, December 22, 2024

General line - 0115112241

අගමැති මහනුවර සංචාරයක

ආර්.ඩබ්ලියු. නිශ්ෂංක - මහනුවර




මහනුවර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ කිහිපයක ඉකුත්දා ඇති වූ සිද්ධින් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මේ වනවිට පැවැත්වෙනවා. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට කතානායක කරූ ජයසූරිය සහ සියළුම පක්‍ෂවල නායකයන්ද එක්ව සිටිනවා.  

අද (10) පෙරවරුවේ සියළුම පක්‍ෂ නායකයින් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වවල මහා නාහිමිවරුන් හමුවී සාකච්ඡා පැවැත්වූ බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
  
මේ අතර මහනුවර දිස්ති‍්‍රක්කයේ ජනජීවිතය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි අප වාර්තා කරුවන් සඳහන් කර සිටින්නේ.