Sunday, May 19, 2024

General line - 0115112241

අම්පාර සහ මහනුවර සිදු වු ප‍්‍රචන්ඩ කි‍්‍රයා පිළිබද පොලීසිය තොරතුරු ඉල්ලයි




අම්පාර හා මහනුවර ප‍්‍රදේශයන්හි ඉකුත් දිනවල සිදුකළ ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවන්ට සම්බන්ධ පුද්ගලයන් හා කණ්ඩායම් පිළිබද තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 
පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක්ද ඒ සදහා ස්ථාපිත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසා සිටියා.

ඒ සම්බන්ධයෙන් වන තොරතුරු 011 302 48 92 හා 011 302 48 83 යන දුරකතන අංකවලට සහ [email protected] යන විද්‍යුත් තැපැලට දැනුම් දෙන්නයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටිනවා.