දිවයින ආසන්නයේ වර්ධනය වී ඇති අඩුපීඩන තත්ත්වය හේතුවෙන් අද (12) සහ හෙට (13) මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක් සිදු කෙරුණා. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ තාක්ෂණ පද්ම පි‍්‍රය තිසේරා කියා සිටියේ මේවනවිටත් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බහුදින යාත්‍රා අනතුරුදායක මුහුදු ප්‍රදේශවලින් ඉවත් කර ඇති බවයි.
පවතින කාලගුණ තත්ත්වය හමුවේ නැගෙනහිර පළාතට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.
දිවයින වටා පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබඳ ආපදා කලමනාකරණ අමාත්‍යාංශයේදී අද (12) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.