මේ දිනවල ශ්‍රී ලංකාවේ සියළුම පළාත්වල වැඩි කතා බහට ලක්වන කරුණක් බවට සමාජ ජාල වෙබ් අඩවි පත්ව තිබෙනවා.
ඒ පසුගියදා මහනුවර සහ අම්පාර යන ප්‍රදේශවල ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරිම සඳහා රජය විසින් සමාජ ජාල වෙබ් අඩවි භාවිතය සීමා කිරිමත් සමගයි.
කෙටි කාලයක් සඳහා මෙම සමාජ ජාල වෙබ් අඩවි තහනම පවතින බවයි රජය පසුගියදා කියා සිටියේ.
නමුත් දින කිහිපයක් ගත වී ඇතත් එම තහනම මෙතෙක් ඉවත් කිරිමට රජය කටයුතු කළේ නැහැ.
කෙසේ වෙතත් බලයට පත්වීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය හරේන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මහින්ද අමරවීර දැක්වූ අදහස් පහතින් බලන්න.