එක් ප්‍රශ්නයක් යටපත් කිරීමට තවත් ප්‍රශ්නයක් ඇති කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ පවසනවා. හම්බන්තොටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
ෆේස්බුක් තහනම් කිරිමෙන් රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි බවත් පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් කියා සිටියේ රටේ ජනතාවගේ ෆේස්බුක් ගිණුම් අවහිර කර තිබුණද රටේ නායකයන් දෙපළගේ ෆේස්බුක් ගිණුම් පමණක් සක්‍රීයව ඇති බවයි.
එය සාධාරණ නොවන බවද මන්ත්‍රීවරයා කියා සිටියා.
ෆේස්බුක් තහනම් කළ හොත් තමන්ට එරෙහි නඩු රැසක් අවසන් වන බවද මන්තී‍්‍රවරයා මෙහිදී කියා සිටියා.