ජපානයේ පස් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (13) එරට අකිහිතෝ අධිරාජ්‍යයා සහ මිචිකෝ රැජිණ බැහැදැකීමට නියමිතයි.
ටෝකියෝ නුවර නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඊයේ (12) ජපානය වෙත ළඟාවූ ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ එරට රජයේ විශේෂ නියෝජිත පිරිසක් විසින්.
ජනාධිපතිවරයා නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය හෙට (14) ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙනවා. එම උත්සවයෙන් පසුව ජනාධිපතිවරයා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.