Tuesday, December 24, 2024

General line - 0115112241

වැස්ස ලැබුණට ප්‍රමාණවත් මදිලු

හර්ෂිකා සංජීවනී




දිස්ත‍්‍රික්ක කිහිපයක ඇතැම් ප‍්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතණයක් ලැබුණද එය ජල විදුලි නිෂ්පාදනය සඳහා ප‍්‍රමාණවත් නොවන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා.

එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන පෙන්වා දෙන්නේ ඉකුත් දින කිහිපයේදීම දෛනික විදුලි අවශ්‍යතාව ද ඉහළ අගයක්ව පැවතුණු බවයි. ජල විදුලිය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්‍රධාන ජලාශ 06ට සැළකිය යුතු ජල ධාරිතාවයක් මේ වන තෙක් නොලැබෙන බවද පෙන්වා දුන්නා.

කෙසේවෙතත් තවදුරටත් කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීමේ හැකියාව පවතින බවද විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියා.