Tuesday, December 24, 2024

General line - 0115112241

ඡන්දය දිනුවට පස්සේ බලහත්කාරයෙන් ගෙවල් අල්ලයි! ඇමතිවරයෙක්ගෙන් චෝදනා

සනත් ගමගේ - හම්බන්තොට




පළාත් පාලන මැතිවරණයෙන් පසු අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ උහපිටගොඩ සහ කහඳමෝදර යන ප්‍රදේශ වල රජයේ නිවාස ව්‍යාපෘති දෙකක නිවාස වලට  පුද්ගලයින් බලහත්කාරයෙන් ඇතුල් වි ඇති හෙයින් වහාම ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා එම අනවසර පදිංචි කරුවන් ඉවත් කිරිමට කටයුතු කරන ලෙසට අම්බලන්තොට ප්‍රදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි අම්බලන්තොට ප්‍රදේශීය ලේකම් වරයාට ඊයේ (12) උපදෙස් ලබා දී තිබෙනවා.


"කළමැටිය කහඳමෝදර, කොරියන් රජයේ ආධාර යටතේ මගේ මැදිහත් වීමෙන් නිවාස ව්‍යාපෘතියක් සකස් කර තිබෙනවා. නිවාස දී ලා තියෙන්නේ සැබෑ ධීවරයින්ට. දැන් මේ පහුගිය මැතිවරණ මැතිවරණයෙන් පසු ජයග්‍රහණය කරන ලද කණ්ඩායම් එම ගම්මානයට කඩා වැදී දොරගුළු කඩා නිවාස වලට ඇතුල් වි තිබෙනවා. ඒ වගේම උහපිට ගොඩත්  නිවාස කිහිපයකට මේ ආකාරයෙන් බලහත් කාරයෙන් ඇතුල් වි තිබෙනවා. ඇතැම් නිවාස වලට විදුලිය ජලය දෙන්න ත් කටයුතු කරන්න වැඩ කරල තියනවා. ප්‍රදේශීය සභාවක් දින්නම රට රාජ්යරයක් අල්ලන්න බැහැ.

රජයේ නිලධාරීන්, විශේෂයෙන්ම ග්‍රාම නිලධාරින් මේ අකටයුතු දේවල් වලට උදව් කරන්න එපා. හරියට රාජකාරිය කරන්න. ඉඩම් හා ගෙවල් දිම සිදු කරන්නේ  ඉඩම් ගෙවල් නැති අයට එහෙම නැතිව බල පුළුවන් කාරකම් කරන අයට නොවෙයි. එම නිසා  මේ සම්බන්දව නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙසට ප්‍රාදේශීයලේකම් තුමාගෙන් ඉල්ලා සිටිනවා." යැයි අම්බලන්තොට ප්‍රදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අමාත්‍යවරයා පැවසුවා.


අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් එච්. තිලකවර්ධන, ඒ සම්බන්දව සොයාබලා අවශ්‍ය පියවර ගන්නා බව  පැවසුවා.